අකිලගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි වෙයි – ද.අප්‍රිකාවට එරෙහි එක්දින සංචිතය මෙන්න

2019-02-18 at 18:33

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා.

පසුගියදා පන්දු යැවීමේ තහනමකට ලක්ව සිටි අකිල ධනංජයද ඊට ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදිවී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇති බවයි.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු / උපුල් තරංග / නිරෝෂන් දික්වැල්ල / කුසල් ජනිත් පෙරේරා / කුසල් මෙන්ඩිස් / ධනංජය ද සිල්වා / තිසර පෙරේරා / ඇන්ජලෝ පෙරේරා / ඕෂධ ප්‍රනාන්දු / කමිඳු මෙන්ඩිස් / පියුමාල් පෙරේරා / ඉසුරු උදාන / විශ්ව ප්‍රනාන්දු / කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්ද ඇතුළත්.

මේ අතර ටෙස්ට් සංචිතයට නම් කර සිටි චාමික කරුණාරත්න යලි දිවයිනට කැඳවා තිඛෙනවා.

ඒ වෙනුවට සංචිතයට නම් කර ඇත්තේ අසිත ප්‍රනාන්දුයි.

Please follow and like us: