අකිලගේ පන්දු යැවීම සැකයිලු – යළිත් පැමිණිල්ලක්

2019-08-20 at 11:01

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ සහ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට අයි සී සී යට පැමිණිලි ඉදිරිපත් වී තිඛෙනවා.

අකිල ධනංජයට මෙම චෝදනාව එල්ලවූ දෙවන අවස්ථාව මෙයයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී මොවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් විනිසුරුවරුන් පැමිණිලි කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රිකට් කණඩායම් දෙකෙහිම කළමණාකාරීත්වය මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ.

තරගය නිමාවට පත්වූ පසුගිය ඉරිදා සිට ඉදිරි දින 14 තුළදී අකිල ධනංජය සහ කේන් විලියම්සන් පරීක්ෂණ වෙත මුහුණ දිය යුතු වනවා.

කෙසේවෙතත් එහි අවසන් ප්‍රථීඵලයක් ලැඛෙන තුරු ඔවුන්ට තවදුරටත් පන්දු යැවීමට අවස්ථාව පවතිනවා.

අකිල ධනංජය පසුගිය දෙසැම්බර් මාසයේදීද නීතිවිරෝධී ලෙස පන්දු යැවූ බවට චෝදනාවකටට ලක්වුණා.

එහෙත් ඉන් මාස 2 කට පමණ පසු ඔහු ඉන් නිදොස් කෙරුණා.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20 තරගාවලියෙන් නවසීලන්ත නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටේ‍රන්ට් බෝල්ට් විවේක ගන්වා තිඛෙනවා.

ඒ අනුව නවසීලන්තය මෙහෙයවීම පැවරී ඇත්තේ ටිම් සවුති හටයි.