අගමැති සිංගප්පූරුවට – ජපානයෙනුත් සහතිකයක්

2019-06-12 at 14:02

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දින තුනක සංචාරයක් සදහා 6/12 දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

එතුමා සමග තවත් දෙදෙනෙකු මෙම සංචාරය සදහා එක් වී සිටි අතර දහවල් 12.15 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස 6/14 දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ අතර ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණා.

ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් පුහුණු කිරීම් සහ අංගෝපාංග ලබාදීමට ඇය එහිදී සහය පළකර තිඛෙනවා. වෙරළාරක්ෂණ කටයුතුවල ආරක්ෂාව පිළිබඳවද ජපාන රාජ්‍ය අමාත්‍යවරිය සහ වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා වී තිඛෙනවා.

ඉන්දු – පැසිෆික් කලාපයට බලපාන සෙසු පොදු ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේ.