අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2020-06-27 at 08:08

අද දිනය තුල බස්නාහිර / වයඹ / සබරගමුව / මධ්‍යම හා දකුණු පළාත්වල ස්ථාන කිහිපයක විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු – උතුරු මැද පළාත්වලත් / සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර / සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදි අකුණු අනතුරු අවම කරගන්නා ලෙසයි දෙපාර්තමේන්තුවට ජනතාවට දැනුම් දෙන්නේ.