අද තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

2019-06-11 at 12:35

ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ බංග්ලාදේශය සමග අද පැවැත්වෙන තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යළි දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මාලිංගගේ බිරිඳගේ මව වන කාන්ති පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වීම ඊට හේතුවයි.

අභාවප්‍රාප්ත කාන්ති පෙරේරා මහත්මියගේ දේහය කොළඹ පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ ලබන සෙනසුරාදා ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන තරගය සදහා මාලිංග සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.