අන්තර් පළාත් බස් ධාවනයට මෙතෙක් අවසර ලැබී නෑ – SLTB

2020-05-23 at 13:22

අන්තර් පළාත් බස් රථ ධාවනයට සෞඛ්‍ය අංශ වෙතින් මෙතෙක් අවසරයක් ලැබී නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වගකිව යුතු පාර්ශවවලින් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර ඇති බවයි මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා කියාසිටියේ.

යටිනුවර ලංගම ඩිපෝවේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද මෙම අවස්ථාවට එක්වුණා.