අම්ෆන් නිසා වූ හානිය බලන්න මෝදි අද උඩින් යයි

2020-05-22 at 07:46

අම්ෆන් සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූ බටහිර බෙංගාල සහ ඔදීශා ප්‍රාන්තවල ගුවන් නිරීක්ෂණ චාරිකාවකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද එක්වනවා.

වසර 283 කට පසු ඉන්දියාවට බලපෑ දරුණුතම කුණාටුව මෙය ලෙසටයි සැලකෙන්නේ.

මේ වනවිට බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් මරණ 76 ක් වාර්තා වන අතර බංග්ලාදේශයේ මියගොස් ඇති සංඛ්‍යාව 12 ක්.

ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ කොල්කටා නගරයටයි.

විදුලි රැහැන් සහ දුරකථන රැහැන් මතට ගස් කඩා වැටීම හමුවේ එක් කෝටි 40 ලක්ෂයක් පමණ විදුලිය සහ දුරකථන සබඳතා නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටිනවා.

මේ වන විට අම්ෆන් සුළි කුණාටුව භූතානය බලා ගමන් කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.