අමිතාබ් – අභිෂේක් ගේ සෞඛ්‍ය තත්වය බරපතල නෑ

2020-07-12 at 12:02

කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගත කෙරුණු බොලිවුඞ් සුපිරි පිය-පුතු නලු දෙපළක් වන අමිතාබ් බච්චන්ගේ සහ අභිෂේක් බච්චන්ගේ සෞඛ්‍ය තත්වය බරපතල නැතැයි ඉන්දීය වාර්තා පවසනවා.

77 හැවිරිදි අමිතාබ් සහ 44 හැවිරිදි අභිෂේක් මේ වනවිට මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවනවා.

බච්චන් පවුලේ අනෙකුත් සාමාජිකයන් වන ජයා බච්චන් / අයිෂ්වර්යා රායි බච්චන් ඇතුලු සියලු දෙනාද මේ වනවිට පරීක්ෂණයලට ලක්කර ඇති අතර ඒවායෙහි ප්‍රථීඵල වාර්තා අද ලැබීමට නියමිතයි.

මේ අතර ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තාගත කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාවක් සටහන්වී තිබෙනවා. ඒ 28 637 ක් ලෙසයි.

මේ වනවිට එරට මුලු ආසාධියන් සංඛ්‍යාව 8 ලක්ෂ 50 දහස ඉක්මවා ගොස් තිබෙනවා.