අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 05 පනී – ජාතික කොඩි දින 05 ක් අඩකුඹු වෙයි

2021-02-23 at 06:34

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා යාමත් සමග අමෙරිකාව පුරා ජාතික ධජ ඉදිරි දින 05 තුළදී අඩකුඹු කර තැබීමට ජනාධිපති ජෝ බයිඩ්න් මහතා උපදෙස් දී තිබෙනවා.

කොරෝනා මරණ ලක්ෂ 05 ඉක්මවා ගිය පළමු රට වන්නේද අමෙරිකාවයි.

ඒ වෙනුවෙන් ධවල මන්දිරය ඉදිරිපිට විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවති අතර ජනාධිපතිවරයා – උප ජනාධිපතිනිය ඇතුලු පිරිසක් ඊට සහභාගී වී තිබුණා.

මේ දක්වා අමෙරිකාවේ සටහන්වී ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව මිලියන 28 ඉක්මවා ගොස් තිබෙනවා.

පළමු ලෝක යුද්ධය – දෙවන ලෝක යුද්ධය මෙන්ම වියට්නාම යුද්ධය යන සටන් 03 දීම මියගිය අමෙරිකානුවන්ගේ එකතුවට වැඩි පිරිසක් කොවිඩ් වසංගතය හමුවේ මියගොස් ඇති බවයි ජෝ බයිඩ්න් මහතා සිහිපත් කලේ.

ඊයේ දිනයේදී වොෂින්ටන් නගරයේ දේවස්ථානවල සීනු 500 වරක් නාද කර තිබුණේද කොරෝනා වසංගතයට ගොදුරුවී මියගිය අමෙරිකානුවන් සැමරීම සඳහායි.