අමෙරිකා – ජපන් තානාපතිවරු ජනපති හමුවෙයි (PHOTOS)

2019-11-22 at 18:13

අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

අමෙරිකානු තානාපතිනිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි මෙහෙයුම් මාර්ටින් කෙලී, දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලී මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර මෙරට ජපාන තානාපති සුගියාමා අකිරා මහතා එම තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සුහද කතාබහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.