අලියාද ? හංසයාද ? අවසන් තීරණය හෙට

2020-02-18 at 05:58

සමගි ජන බලවේගය ලෙස තරග කිරීමේදී කුමන ලාංඡනය යොදා ගන්නේද යන අවසන් තීරණය හෙට දිනයේදී ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල කාරියවසම් මහතා කියාසිටියේ හෙට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම අවසන් තීන්දුව ගන්නා බවයි.

බොහෝදුරට අලියා හෝ හංසයා යන ලාංඡන අතුරින් එකක් තෝරා ගැනෙනු ඇති බවටයි මන්ත්‍රීවරයා විශ්වාසය පළකලේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සියලු අර්බුද විසදාගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා විශ්වාසය පළකරනවා.

මාතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ අලියා සළකුණ යටතේ තරග කිරීමට නීතිමය ගැටලුවක් පවතී නම් හංසයා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්න බහුතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය වන බවයි.

මේ අතර නව ආණ්ඩුව බලයට පත්ව කෙටිකාලයකින් ජනතා අප්‍රසාදයට ලක්වී ඇති බවද හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියේ.


diam dapibus suscipit dictum felis Praesent sed quis efficitur. ut dolor.