“අලිවත්තේ අසිත” අත්අඩංගුවට

2021-05-05 at 08:47

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හඳුන්වන අලිවත්තේ අසිත නැමැත්තා මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කොළඹ අවට ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුලු විවිධ අපරාධ කිහිපයකට සම්බන්ධ යැයි චෝදනා එල්ලවී සිටින අයෙක් වන අතර අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්ණකිරීම්වලදී සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක්ද පොලිසිය විසින් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

පසුගිය 28 වනදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ බවට සැක කෙරෙන අදාළ සැකකරු ග්‍රෑන්ඩ්පාස්, මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.