අවසානයේ ට්‍රම්ප් ත් Face mask පළඳී

2020-07-12 at 08:12

අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පළමුවරට ප්‍රසිද්ධියේ මුව ආවරණ පැළඳ පෙනී සිට තිබෙනවා.

වොෂින්ටන් අගනුවර හමුදා රෝහලක පැවති උත්සවයකට ඔහු සහභාගී වී ඇත්තේ මුව ආවරණයක්ද සහිතවයි.

කොරෝනා වසංගතය ව්‍යාප්තිය ආරම්භයේ සිටම මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් දැඩි අකමැත්ත පළකල රාජ්‍ය නායකයෙකු ලෙසයි ට්‍රම්ප් මහතා සැළකෙන්නේ.

කෙසේවෙතත් තමා මුව ආවරණ පැළඳීමට කිසිදු විරෝධයක් පළ නොකල බවද ඊට සුදුසු අවස්ථාව එන තුරු සිටි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට ලොව වැඩිම කොවිඞ් ආසාධිතයන් සටහන් වන්නේද අමෙරිකාවෙනුයි.

එය 33 ලක්ෂ 55 දහස් 646 ක්. මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 37 දහස් 403 ක්.