අවුං සාන් සුචී අද ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට

2019-12-11 at 08:12

මියන්මාරයේ පාලිකාව වන අවුං සාන් සුචී අද නෙදර්ලන්තයේ හේග් නගරයේ පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුකෙරුනු ජනසංහාරය සම්බන්ධයෙන් මියෙන්මාර් පාලනයට එරෙහිව එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහායි.

2017 වසරේ එල්ලකෙරුනු යුද හමුදා ප්‍රහාරවලින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් දහස් ගණනක් ඝාතනයට ලක්වූ අතර තවත් හත්ලක්ෂයකට අධික පිරිසක් අසල්වැසි බංගලාදේශය බලා පළාගොස් තිබුණා.

මේ පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත පැමිණිලි කර තිබුණේ කුඩා අප්‍රිකානු රාජ්‍යයක්වන ගැම්බියාවයි.

අද සිට දින තුනක් පැමිණිල්ල පිළිබඳ මූලික විභාගය පැවැත්වෙන අතර රෝහින්ග්‍යා ජනයාගේ රැකවරණය සඳහා තාවකාලික පියවර අනුමත කරන ලෙස මෙහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කෙරෙනු ැඅති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.