අවුරුදු 04 දරුවෙකුට මත්පැන් පෙවූ සැකකරු පොලිස් දැලේ

2021-06-11 at 07:04

සමාජ ජාලා ඔස්සේ සංසරණය වූ වයස අවුරුදු 04 ක පමණ කුඩා දරුවෙකුට මත්පැන් පානය කරවීමේ වීඩියෝවට අදාළව සැකකරු පෑලියගොඩ පොලිසිය විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.