“ආණ්ඩුව අවදානම නොතකා ආර්ථික වාසි ලබා ගන්නවා”

2021-05-04 at 17:56

රටතුල පවතින අවදානම් තත්වය නොසළකා හරිමින් ආර්ථික වාසි ලබා ගැනීමට පමණක් ආණ්ඩුවට කටයුතු කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ල කළේ.