ආනයනික බදු ඉහල දැමීමේ තීරණයට SJB විරෝධය

2020-05-23 at 12:01

ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක බදු ඉහල දැමීමට රජය ගත් තීරණය දැඩිව හෙළා දකින බව සමගි ජන ජනබලවේගය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කියා සිටියේ රජයේ දුර්වල කළමණාකරණය හමුවේ ජනතාව තවදුරටත් පීඩාවට ලක්වෙමින් සිටින බවයි.
ජුනි මාසයට අදාල රුපියල් 5000 දීමනාව නොගෙවීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳවද මයන්ත දිසානායක මහතා මෙලෙස අදහස් දැක්වුවා.