ආබාධයක් නිසා ධනුෂ්ක ආසියානු කුසලානයෙන් ඉවතට

September 13, 2018

ආබාධයකට ලක්වීම හේතුවෙන් ආසියානු කුසලාන තරග මාලාවෙන් ඉවත්වීමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට සිදුවී තිඛෙනවා.

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

ධනුෂ්ක ගුණතිලක වෙනුවට ශෙහාන් ජයසූරිය සංචිතයට කැඳවා ඇති අතර ඔහු හෙට දිනයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.