ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක් අද

2020-07-09 at 07:16

ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගු කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබියදීයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රොව් ගංගුලි විසින් ඊයේ පස්වරුවේ එය නිවේදනය කලේ.

මෙවර තරගාවලිය ප්‍රථමයෙන් පැවැත්වීමට නියමිත වූයේ පකිස්ථානයේදීයි.

එහෙත් ඉන්දියාව එහි සංචාරය කිරීමට අකමැති වූ බැවින් ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරගාවලිය පැවැත්වෙනු ඇති බවටයි වාර්තා පළවී තිබුණේ.