ආසියාවේ අනාගතය ගෝලීය සම්මන්ත්‍රණයට ජනපතිට ආරාධනා

2020-02-18 at 06:31

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යංශ කාර්ය සාධක බලකාය සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලා.

බදු ගෙවීමේදී හා රේගුවේදී තමන් මුහුණපාන ගැටලු සහ පාරිසරික ප්‍රශ්න මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා.

මේ අතර ලබන මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය ගෝලීය සම්මන්ත්‍රණයට සහභාගීවීමට ජනාධිපතිවරයාට ආරාධනයක් ලැබී තිබෙනවා.

මෙරට ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විසින් ඊයේ එම ආරාධනය නිල වශයෙන් පිරිනමනු ලැබුවා.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවලදී ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීමට ඉඩකඩ සැළසෙනු ඇති බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.


commodo efficitur. Donec ut eleifend mi,