ඇන්ජලෝ මැතිව්ස් T20 තාවකාලික නායකත්වයට

2021-02-28 at 06:10

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබෙනවා.

පන්දුවාර 20 නායකයා ලෙස පත් කල දසුන් ශානකට වීසා බලපත් ගැටලුවක් හේතුවෙන් කණ්ඩායම සමග මෙතෙක් එක්වීමට නොහැකිවීමයි ඊට හේතුව වන්නේ.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථානගතවී ඇති අතර එහි වලංගු අමෙරිකානු වීසා මුද්‍රා තිබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

එම ගැටලුව විසඳුණු වහා දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.