ඇලෝසියස්ගෙන් අල්ලස් කොමිසමට පැය 03 ක ප්‍රකාශයක්

2019-02-12 at 16:10

පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කරගෙන තිඛෙනවා.

එහි ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු නිව්ස් රේඩියෝවට කියා සිටියේ ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් පැය 03 කට ආසන්න කාලයක් ඇලෝසියස් මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.

අල්ලස් කොමිසම මීට පෙර කළ දැනුම්දීමට අනුවයි අර්ජුන් ඇලෝසියස් මහතා අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේ.