ඉන්දියාවෙන් ගුවන් යානා ගෙන්වා ගැනීමේ තහණම ලබන 15 දා අවසන් – ඔස්ටේ්‍රලියා අගමැති

2021-05-04 at 09:16

ඉන්දියාවෙන් ගුවන් යානා ගෙන්වා ගැනීමේ තහණම ලබන 15 වනදා අවසන් කරන බව ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.

ඒ අනුව දැනට එරට සිරවී සිටින ඔස්ටේ‍රලියානුවන් 9000 ක් පමණ හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි අගමැතිවරයා කියාසිටියේ.

අයි පී එල් තරගාවලියට ගොස් සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුලු විශාල පිරිසක් රටට ගෙන්වා නොගැනීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියා රජය මේ වනවිට දැඩි දෝෂාරෝපණයට ලක්වී සිටිනවා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා සඳහන් කලේ සියලු ඔස්ටේ්‍රලියානුවන්ගේ ආරක්ෂාව පතා තමන් ගුවන් යානා තහණමක් පැණවීමට පියවර ගත් බවයි.

තහණම නොතකා රටට පැමිණෙන පුරවැසියන්ට සිර දඩුවම් සහ ඩොලර් 66 දහසක දඩයක් පැණවීමටයි මීට පෙර සැළසුම් කර තිබුණේ.

එහෙත් කිසිවෙකුටත් නඩු පැවරීමට අපේක්ෂාවක් නොමැති බව අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලා.