ඉන්දියාව කොවිඩ් පරීක්ෂණ ක්‍රමය වෙනස් කරයි – මයිකල් හසී ටත් කොරෝනා

2021-05-05 at 06:45

කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදය වෙනස් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව රෝහල්ගතව සිට ප්‍රතිකාර ලැබූවන් පිටව යාමේදී නැවත පරීක්ෂා නොකෙරෙනු ඇති.

රසායනාගාරවල දැනට ගොඩගැසී ඇති සාම්පල වාර්තා හැකි ඉක්මණින් පරීක්ෂා කර අවසන් කිරීමයි එහි අරමුණ වන්නේ.

අඛණ්ඩව ඊයේ දිනයේදීත් ඉන්දියාවෙන් කොවිඩ් ආසාධිතයන් තුන් ලක්ෂ 50 දහස ඉක්මවා වාර්තා වුණා.

එය සටහන්වූයේ තුන් ලක්ෂ 82 දහස් 691 ක් ලෙසයි. ඉන්දියාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3786 ක්.

මේ අතර අයි පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ඔස්ටේ්‍රලියා හිටපු ක්‍රීඩක මයිකල් හසී ට ඉන්දියාවේදී කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වනවිට වෛරස ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර අයි පී එල් තරගාවලියද දින නියමයක් නොමැතිව කල් දමනු ලැබුවේ කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයන් ඇතුලු පුහුණු කාර්ය මණ්ඩලය වෛරස ආසාධිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙනුයි.