ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 දා දිවයිනට

2021-06-11 at 07:09

එක්දින ක්‍රිකට් තරග 03 කට සහ පන්දුවාර 20 තරග 03 කට සහභාගීවීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට පැමිණෙනවා.

ඉන්දීය කණ්ඩායම අවසන් වරට මෙරටට පැමිණ තිබුණේ 2018 වසරේ මාර්තු මාසයේදී නිදහස් කුසලානයට සහභාගී වීමටයි.

ජෛව බුබුලු සංකල්පය යටතේ ලබන 28 වනදා සිට ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සිදුවනු ඇති.

සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු එක්දින තරගය ජූලි 13 වනදාද පළමු පන්දුවාර 20 තරගය ජූලි 21 වනදාද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ජූලි 26 වනදා ඉන්දීය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යනවා. මෙම සංචාරයේදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස ශිකර් ධවාන් කටයුතු කරනු ඇති.