ඉන්දුනීසියාවට ගසාගෙන ගිය මෙරට බහුදින යාත්‍රා ධීවරයින් මනා සෞඛ්‍ය තත්වයෙන්

2020-05-23 at 09:35

අම්ෆන් සුලි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රා හා ඒවායේ සිටින ධීවරයින් මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව නාවික හමුදාව පවසනවා.

ඔවුන්ට අදාල සහය ලබාදීමේ අරමුණින් නාවික හමුදාවේ සමුදුර නෞකාව ඊයේ දිනයේදි පිටත්ව ගිය අතර එය මේ වනවිට අදාල යාත්‍රා වෙතට ලගා වී ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියාසිටියේ සමුදුර නෞකාව අදාල ධීවර යාත්‍රා සමග සන්නිවේදන කටයුතු ආරම්භ කර ඇති බවයි.