ඉන්ධන මිල වැඩිවීමෙන් රටේ ආර්ථීක පසුබෑම පෙනවා – අනුර යාපා

2019-02-12 at 18:14

ඉන්ධන මිල වැඩිවීම රටේ ආර්ථීක පසුබෑම පෙන්නුම් කරන දර්ශයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ ලෝක වෙළද පොලේ ඉන්ධන මිලෙහි බරපතල වැඩිවීමක් මෙතෙක් දක්නට නොමැති බවයි.

මෙම මාධ්‍ය හමුවට නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද එක්ව සිටියා. මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාවගේ සැබෑ ගැටලු හදුනාගැනිමට රජයට නොහැකි වී ඇති බවයි.