ඉල්ලා අස්වන්නැයි ඇමති හරීන් ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්ට දන්වයි

2019-07-17 at 20:25

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාතික කණ්ඩායමේ සියලුම පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිඛෙනවා.

ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව තමන් එම දැනුම් දීම සිදුකල බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

අදාළ පුහුණුකරුවන් ධුරවලින් ඉවත්වීමෙන් පසු ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිළිබඳ සලකා බලන ලෙසටද හරීන් ප්‍රනාන්දු මහතා දන්වා ඇතැයි සඳහන්.