ඊයේ ආසාධිතයන් 13 න් 11 ක් නාවික සෙබලුන් – ආසාධිත නාවික සෙබලුන් 607 දක්වා ඉහලට

2020-05-23 at 09:28

මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 13 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඉන් 11 දෙනෙකු නාවික හමුදා සෙබලුන් වනවා. මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 607 දක්වා ඉහල යනවා.

ඊයේ හඳුනාගත් අනෙක් තැනැත්තන් දෙදෙනා මැලේසියාවේ සහ කුවේටයේ සිට මෙරටට නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලා.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුලු කොවිඞ්-19 ආසාධිතයන්ගෙන් 439 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබනවා.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 110 ක්. මෙරට ආසාධිතයන් අතුරින් 620 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.