උදයංග වීරතුංග යළි රක්ෂිත බන්ධනාගාරයට

2020-02-17 at 16:15

ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව යළිත් මෙම මස 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

පසුගිය සිකුරාදා අලුයම කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් සැකකාර උදයංග වීරතුංග මහතා රෝගී තත්වයක් හේතුවෙන් සෙනසුරාදා දිනයේදී බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබුණි.


risus quis dolor. mattis dictum id ut sem, lectus elit.