ඌව T20 ව්‍යාජ තරගාවලි සිද්ධියේ ප්‍රධාන සැකකරු “රවින්දර් දන්දිවාල්” අත්අඩංගුවට

2020-07-07 at 07:22

ඌව පන්දුවාර 20 තරගාවලිය ලෙස ව්‍යාජ තරගාවලියක් සංවිධාන කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රවින්දර් දන්දිවාල් නමැත්තා ඉන්දියාවේ චන්දිගාර් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තැනැත්තා මීට පෙර ටෙනිස් තරගාවලි වංචාවක් සම්බන්ධයෙන්ද චෝදනා ලැබූවෙකු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

පසුගියදා මොහාලි හිදී මෙම ව්‍යාජ තරගාවලිය පවත්වා තිබූ අතර එය සමාජ මාධ්‍ය ඔස්සේද විකාශය කර තිබුණා.

අද දිනයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කණ්ඩායමක් මොහාලි වෙත පැමිණ පොලිස් පරීක්ෂණවලට සහය දීවමට නියමිතව තිබෙනවා.

පංජාබ් / හර්යානා සහ චන්දිගාර් ප්‍රදේශවල ක්‍රීඩකයන් පිරිසක් යොදාගනිමිනුයි මෙම ව්‍යාජ තරගාවලිය පවත්වා තිබුණේ.

මෙම තරගාවලියට සිය පාර්ශවයේද කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අවාධාරණය කලේ.