එංගලන්තය – නවසීලන්තය සමග අවසන් මහා තරගයට

2019-07-11 at 21:52

වසර 27 කට පසු එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්තය සමත්වුණා.

ඒ බර්මිංහැම් නුවර පැවති 2 වන අවසන් පූර්ව තරගයේදී ඔස්ටේ්‍රලියාව කඩුලු 8 කින් පරාජයට පත් කරමින්.

මේ අනුව ලබන ඉරිදා ලෝඩ්ස් හිදී පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ අවසාන මහා තරගයේ ප්‍රතිවාදීන් වන්නේ එංගලන්තය සමගින් නවසීලන්තයයි.

මෙම කණ්ඩායම් දෙකම මේ දක්වා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් ජයගෙන නැහැ.

එංගලන්තය 1992 වසරේදීද නවසීලන්තය 2015 දීද ලෝක කුසලාන අවසාන මහා තරගයට පිවිසියත් හිමිකර ගැනීමට සමත්වූයේ අනුශ+රතාවයයි.

මේ අනුව මෙතෙක් ලෝක කුසලානයක් දිනා නොගත් කණ්ඩායමකට 1996 වසරේදී ශ්‍රී ලංකාව දිනාගත් ලෝක කුසලානයෙන් පසු එම තත්වයට හිමිකම් කීමට මෙවර අවස්ථාව උදා වී තිඛෙනවා.

ඊයේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව පන්දුවාර 49 කදී සියල්ලන් දැවී ලබාගත්තේ ළකුණු 223 ක් පමණයි.

ස්ටීවන් ස්මිත් 85 යි. තරගයේ වීරයා වූ ක්‍රිස් වෝක්ස් ළකුණු 20 කට කඩුලු 3 ක්ද අදිල් රෂීඩ් කඩුලු 3 ක්ද බිඳහෙලුවා.

එංගලන්තය පන්දුවාර 32 යි එක් පන්දුවකදී කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලා. ජේසන් රෝයි 85 යි.