එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ තවත් විශේෂ සාකච්ඡාවක්

2019-09-12 at 06:12

එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිඛෙනවා.

නිව්ස් රේඩියෝ කල විමසීමකදී තහවුරු වුයේ අද හෝ හෙට අරලිය ගහ මන්දිරයේදී ඔවුන් මුණ ගැසෙන බවයි.

එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සකච්ඡාවට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිතයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිඛෙනවා.