එජාප විශේෂ කමිටුව අද පළමුවරට රැස්වෙයි

2019-12-11 at 05:46

එක්සත් ජාතික පක්ෂයේ මීලග නායකත්වය සහ ඉදිරි මහ මැතිවරණය ඇතුලු කරුණු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා පත්කළ විශේෂ කමිටුව අද පළමුවරට රැස්වනවා.

පෙරවරු 10 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම සාකච්ඡාව ආරම්භ වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.