එළිසබෙත් රැජිණ රාජ්‍ය නායකත්වයෙන් ඉවත් කරන්න බාර්බඩෝස් සැරසෙයි

2020-09-16 at 18:09

තම රාජ්‍ය නායකයා ලෙස සිටින දෙවන එළිසබෙත් රැජිණ ඉන් ඉවත් කර ජනජයක් බවට පත්වීමට බාර්බඩෝස් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

ලබන වසරේ නොවැම්බර් මාසයට යෙදී ඇති මහා බි්‍රතාන්‍යයෙන් නිදහස් ලැබීමේ 55 වන සංවත්සරයට සමගාමීව මෙම ක්‍රියාවලිය අවසන් කිරීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.

තම රටේ පුරවැසියන්ට බාර්බඩෝස් ජාතික රාජ්‍ය නායකයෙකු අවශ්‍ය යැයි එරට අග්‍රාමාත්‍ය මියා මොට්ලි නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

මේ සම්බන්ධයෙන් බකිංහැම් මාළිගයද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ මෙය බාර්බඩෝස් රාජ්‍යයේ අභ්‍යන්තර කරුණක් බැවින් ඔවුන්ගේ ස්වාධීන තීන්දු තීරණ ගැනීමේ අයිතියට බාධා නොකරන බවයි.