එ.ජා මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට පැසසුම්

2019-02-12 at 16:22

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කිරීම සදහා ගෙන ඇති පියවර අගය කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නීති අංශයේ ප්‍රධානී මොනා ඒ රිෂ්මාවි මහත්මිය පෙන්වා දෙනවා.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය සමග කොළඹදී අද පැවති විශේෂ හමුවකදීයි ඇය මේ බව සදහන් කලේ.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සදහා මේ වන විට ශ්‍රී ලංකාව ලබාදෙන සහය ඉදිරියටත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නීති අංශයේ ප්‍රධානී මොනා ඒ රිෂ්වාමි මහත්මිය ප්‍රකාශ කළා.

මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සදහා රජය උපරිම වශයෙන් කටයුතු කර ඇති බව තලතා අතුකෝරාල අමාත්‍යවරිය මෙම සාකච්ඡාවේදී දැනුම් දුන් බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය නිවේදනය කලේ.