කඩා වැටුණු පකිස්ථාන ගුවන් යානයේ කලු පෙට්ටිය Missing

2020-05-23 at 13:03

කරච්චි නගරයට කඩා වැටුණු පකිස්ථාන ගුවන් සේවයට අයත් යානයේ දත්ත සටහන් උපකරණය හෙවත් කලු පෙට්ටිය මෙතෙක් හමුවී නොමැති බව එරට බළධාරීන් පවසනවා.

අනතුරට හේතුව නිශ්චිතව හඳුනාගැනීමට එහි දත්ත උපයෝගී කරගත හැකි වනු ඇති බවයි විමර්ශන නිළධාරීන් සඳහන් කලේ.

මගීන් 91 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 08 දෙනෙකු ගමන් කරමින් සිටි යානය ගොඩබෑමට විනාඩියක් ඉතිරිව තිබියදී කඩා වැටුණු අතර ඉන් දිවි ගලවා ගැනීමට හැකිවූයේ මගීන් දෙදෙනෙකුට පමණයි.

ඊයේ දහවල් සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සඳහන් කලා.