කන්දකාඩු කොරෝනා පොකුර 517 දක්වා ඉහළට

2020-07-13 at 20:10

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය සම්බන්ධ කොවිඞ්19 ආසාධිතයන් සංඛ්‍යාව 517 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ දිනයේදී ඒ ආශ්‍රිතව හඳුනාගත් ආසාධිතයන් 25 දෙනාද සමගයි.

ඉන් 14 දෙනෙකු කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

අනෙක් 11 දෙනා සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මේ අනුව කන්දකාඩු සහ සේනපුර මධ්‍යස්ථානවල රැඳවියන් 440 දෙනෙකුට / එහි කාර්ය මණ්ඩලයේ 47 දෙනෙකුට සහ රැඳවියන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආශ්‍රිතයන් 30 දෙනෙකුට කොවිඞ්19 වෛරසය වැළඳී අවසන්.

මේ අනුව මෙරට කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 2642 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 650 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා. මෙරට ආසාධිතයන් අතුරින් මේ වනවිට සුවය ලබා ඇති සංඛ්‍යාව 1981 ක්.

මෙරට රෝහල්වල සිටින සැක සහිත රෝගීන් සංඛ්‍යාව 112 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය කියාසිටියේ.

මේ අතර කොරෝනා ආසාධිතයන් හමුවීම හේතුවෙන් රාජාංගණය යාය 01 – 03 සහ 05 කලාපවල සංචරණය මුලුමනින්ම අත්හිටුවීමටයි සෞඛ්‍ය අංශ ඊයේ පස්වරුවේ තීරණය කලේ.