කලුතර බන්ධනාගාරයේ රැඳවියන් තුන්දෙනෙකු පලායයි

2020-08-02 at 13:16

කලුතර බන්ධනාගාරයේ රැඳවියන් තුන්දෙනෙකු පලාගොස් තිබෙනවා.

අද අලුයම මෙම රැඳවියන් පලාගොස් ඇති බවට බන්ධනාගාරයෙන් කර ඇති පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි කලුතර උතුර පොලිසිය සඳහන් කළේ.

මෙලෙස පළාගොස් ඇති රැඳවියන් තුන්දෙනා කලුතර / බේරුවල සහ දොඩංගොඩ ප්‍රදේශවල පදිංචි කරුවන්. මොවුන් තුන්දෙනා මත්කුඩු ජාවාරම සහ සොරකම් සම්බන්ධ චෝදනාවන්ට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටි අය බවයි පොලිසිය සඳහන් කළේ.