ක්‍රයිස්චර්ච් ප්‍රහාරය නිසා බංග්ලාදේශ – නවසීලන්ත 3 වන ටෙස්ට් තරගය අවලංගුයි

2019-03-15 at 10:19

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලියක සිදුවූ වෙඩි තැබීමත් සමග නවසීලන්ත – බංග්ලාදේශ 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කර තිඛෙනවා.

එය ආරම්භවීමට නියමිතව තිබුණේ හෙට දිනයේයි. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙකුද සිකුරාදා යාඥා සඳහා යමින් සිටි මුස්ලිම් පල්ලියකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

එහිදී 9 දෙනෙකුට වැඩිපිරිසක් මියගොස් ඇති බවයි නිල නොවන වාර්තාවල දැක්වෙන්නේ.

ආයුධ සන්නද්ධ දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර ඉන් එක් අයෙකු නවසීන්ත ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මේ අතර අද දිනය නවසීලන්ත ඉතිහාසයේ අඳුරුතම දිනයක් බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය සඳහන් කලේ.

Please follow and like us: