කැරොලයින් සහ චූලාට ඇප

2021-04-08 at 16:59

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණක වූ කැරොලයින් ජූරි මහත්මිය සහ නිරූපිකාවක වූ චූලා පද්මේන්ද්‍රන් මහත්මිය ඇප මත මුදා හැර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්රෝහණ මහතා කියා සිටියේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව බැඳුම්කරයකට අත්සන් ගැනීමෙන් පසුව මොවුන් දෙදෙනා ඇප මත මුදා හැරුනු බවයි.

එමෙන්ම ලබන 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අදිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මෙම කාන්තාවන් දෙදෙනාට දැනුම් දී ඇති බව අජිත් රෝහණ මහතා කියා සිටියා.

පසුගියදා කොලඹ නෙලුම් පොකුණ රගහලේ පැවති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී කිරුළ පැළඳි අවස්ථාවේදී ඇතිවූ සිද්ධිය හේතුවෙන් සුලු තුවාල සිදුකිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් කර තිබූ පැමිණිල්ලකට අදාලවයි කැරොලයින් ජූරි මහත්මිය සහ චූලා පද්මේන්ද්‍රන් මහත්මිය අද පස්වරුවේ කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.