කුවේට් එමීර් වයස 91 දී මිය යයි

2020-09-30 at 06:22

කුවේටයේ එමීර්වරයා ලෙස කටයුතු කල ෂෙයික් සබා අල් අහ්මඞ් අල් සබා මියගොස් තිබෙනවා.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 91 ක්.

ඔහුගේ 83 හැවිරිදි සහෝදරයා වන ඔටුන්න හිමි කුමරුන් වන ෂෙයික් නවාෆ් අල් අහමඞ් නව එමීර්වරයා ලෙස පත් කර ඇති බවයි කුවේට් වාර්තාවල දැක්වෙන්නේ.

අභාවප්‍රාප්ත වූ ෂෙයික් සබා අල් අහ්මඞ් අල් සබා එමීර්වරයා 2006 වසරේ සිට කුවේටය පාලනය කලා.

එමෙන්ම වසර 50 කට වැඩි කාලයක් එරට විදේශ ප්‍රතිපත්තිය භාරව කටයුතු කලේද ඔහු විසිනුයි.

ගල්ෆ් රටවල් සහ කුවේටය අතර හොඳ හිත වර්ධනය කරගැනීමට ෂෙයික් සබා අල් අහ්මඞ් අල් සබා විසින් කල කාර්ය භාරය කැපී පෙණුනා.

පසුගිය ජූලි මාසයේදී ඔහු ප්‍රතිකාර සඳහා අමෙරිකාවට ගොස් තිබූ නමුත් ඒ කුමන රෝගයකටදැයි අනාවරණ වී තිබුණේ නැහැ.