කුසල් මෙන්ඩිස්ට ඇප

2020-07-06 at 11:55

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඊයේ (05) අලුයම පානදුර උතුර – හොරේතුඩුව ප්‍රදේශයේ මාරාන්තික රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (06) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

පානදුර මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 10ක් වූ ශරීර ඇප දෙකක් මත කුසල් මෙන්ඩිස්ට ඇප නියම කර ඇත.

කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් 9 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

පෙර පුවත්

කුසල් මෙන්ඩිස් හෙට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට