“කොරෝනා තුන්වන මාත්‍රාවක් දිමට අවශ්‍ය දැයි තීරණය කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්”

2021-06-11 at 15:55

කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබාදිමට අවශ්‍ය දැයි තීරණය කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඊට අදාල සංඛ්‍යා දත්ත තවමත් එකතුවෙමින් පවතින බවයි.

තුන්වන මාත්‍රාව ලබාදිම අවශ්‍ය යැයි තාක්ෂණික වශයෙන් තීන්දුවක් ගතහොත් ඉන් අනතුරුව ඒවා මිළදි ගැනිම සිදුකෙරෙන බවද හේමන්ත හේරත් මහතා කියා සිටියා.

මේ අතර නිවෙස්වලට ඖෂධ ගෙන්වා ගැනිමේ වැඩපිළිවලේ යම් ගැටළුවක් ඇතිනම් ඒ පිළිබද 072 072 072 0 හෝ 072 06 06 06 0 අංක වෙත දැනුම්දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සදහන් කරන්නේ එළිමහනේ ව්‍යායාම් කිරීම වැනි දෑ හැකිතාක් සීමා කළ යුතු බවයි.