කොරෝනා පාලනයට ලාංකික මුස්ලිම් ප්‍රජාව දුන් සහය අගය කරනවා

2020-05-24 at 08:46

හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද රාමසාන් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

සමස්ත ලෝක වාසී මුස්ලිම් බැතිමතුන් චිරාත් කාලයක් මුළුල්ලේ ඔවුන් විසින් සිදුකළාවූ ආගමික කටයුතු මෙවර කරන්නට සිදු වූයේ ලෝකයම කොරෝනා ව්‍යසනයට මැදිව ගතකරන ව්‍යාකූල සමයක බවයි එහි දැක්වෙන්නේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් විවිධ පියවර ගත් අතර ඒ විධිමත් ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කිරීම ඉස්ලාමීය මගපෙන්වීම් හා බැඳි ඇති බව ලොවපුරා සහ ලාංකික ඉස්ලාමීය ආගමික නායකයන් ද අවධානය කරනු ලැබුවා.

එයට ශ්‍රී ලාංකීය මුස්ලිම් බැතුමන්ගෙන් ලද නොමද සහය තමන් අගය කොට සලකන බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.