කොරෝනා වැඩියි කියා කුවේටයෙන් ලංකාව ඇතුලු රටවල් 31 කට ගුවන් තහනමක්

2020-08-02 at 09:59

නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 31 කට තවදුරටත් ගුවන් ගමන් සිදු නොකිරීමට කුවේටය තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඊට හේතුව බවයි එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලේ.

ඉන්දියාව / පකිස්ථානය / ඊජිප්තුව / පිලිපීනය සහ ලෙබනනයද මෙම රටවල් 31 ට අයත් වනවා.

චීනය / ඉරානය / බ්‍රසීලය / මෙක්සිකෝව / ඉතාලිය සහ ඉරාකය යන කොවිඞ් ආසාධිතයන් බහුලව හමුවූ රටවල් වෙතද ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි කුවේටය නිවේදනය කලේ.

ඊයේ සිට කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් කටයුතු සියයට 30 ක මගී ධාරිතාවයකින් නැවත ආරම්භ කෙරුණා.

මේ වනවිට එරටින් කොරෝනා ආසාධිතයන් 67 000 ක් සහ මරණ 400 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.