කොවිඞ්-19 නිසා රග්බි 7’s කල් යයි

2020-02-13 at 18:14

නව කොරෝනා හෙවත් කොවිඞ්-19 වෛරසය ආසාධනය වී සිටි කාන්තාවක ජපානයේදී මියගොස් තිබෙනවා.

මෙය ජපානයෙන් වාර්තාවන පළමු නව කොරෝනා වෛරස් මරණයයි.

කනගාවා ප්‍රාන්තයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇති බවයි ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ.

මේ අතර අද දිනයේදී සිංගප්පූරුවෙන් තවත් කොවිඩි-19 ආසාධිතයන් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එරට සිටින වෛරස් ආසාධිතයන් ගණන 58 දක්වා ඉහළ යනු ඇති.

මේ අතර 7 සාමාජික ලෝක රග්බි ශූරතාවයට අයත් සිංගප්පූරු සහ හොංකොං අධියර කල්දැමීමට පියවර ගෙන තිබෙනවා.

ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතවූ එම අධියර ඔක්තෝබර් මාසය තෙක් කල් දමා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර චීන පාලක කොමියුනිස්ට් පක්ෂය විසින් වූහාන් නගරයේ සිය නියෝජිතයා තනතුරෙන් පහකර තිබෙනවා.

වෛරසය පාලනයට ප්‍රමාණවත් පියවර නොගැනීමයි ඊට හේතුව වී ඇත්තේ.

නව කොරෝනා වෛරසය හමුවේ පුද්ගල මරණ 1360 ක් මේ වනවිට වාර්තා වී ඇති අතර ආසාධිතයන් ගණන 60000 කට ආසන්න වී තිබෙනවා.