කොවිඞ්-19 මරණ 1483 දක්වා ඉහළට – ජපාන නැවේ පිරිසකට යන්න අවසර

2020-02-14 at 06:20

නව කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි 123 දෙනෙකු ගතවූ පැය 24 තුළදී මියගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 1483 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඊයේ දිනය තුළ වෛරසය ආසාධිතයන් 4823 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කොවිඞ්-19 වෛරසය වැළඳීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 64600 කට ආසන්නයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ චීනය තුළ ආසාධිතයන් ගණන කැපී පෙනෙන ලෙස ඉහළයාමක් පෙන්නුම් කලද අනෙකුත් රටවල තත්වය සාමාන්‍ය මට්ටමක පවතින බවයි.

මේ අතර කොවිඞ්-19 වෛරසය ආසාධියන් 218 දෙනෙකු හමුවූ ජපානයේ යොකොහමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටින ආසාධිතයන් නොවන වයෝවෘද්ධ පුද්ගලයන්ට ඉන් පිටතට යාමට අවසර ලැබී තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ට රැඳී සිටිය හැකි වනුයේ ජපාන රජය විසින් සපයා ඇති නේවාසිකාගාරවල පමණයි.