කොවිඩ් තත්වය පිළිබද පාර්ලිමේන්තු විවාදය

2021-05-04 at 17:38

කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ මෙම වසර අවසන්වනවිට මෙරට ජනගහනයෙන් සියයට 63ක් පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරනවා.

කොරෝනා වසංගතයේ වත්මන් තත්වය පිළිබඳ මේවනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදීයී අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.

කොවිඩ් මර්ධන ප්‍රතිශක්තීකරණ එන්නත් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළා.

කොවිඩ් පාලනය සඳහා ගන්නා සෑම තීරණයකදීම සෞඛ්‍යය මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායන් පවත්වාගෙනයාම පිළිබඳවත් රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙනයාම පිළිබඳවත් සැළකිල්ලක් දක්වන බවද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී අවධාරණය කළා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද විවාදයේදී අදහස් දැක්වුවා.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා රටතුල එන්නත් හිගයක් පවතින්නේ ආණ්ඩුවේ නොසැළකිල්ල නිසා බවටයි විපක්ෂනායකවරයා චෝදනා කර සිටියේ.

මේ විවාදයේදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා.

කොවිඩ් තත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ විවාදය හෙට දිනයේදීත් පැවැත්වීමට නියමිතය