කොවිශීල්ඩ් දෙවන මාත්‍රාව දීම ලබන 23 සිට ජුලි 06 දා තෙක්

2021-04-08 at 13:13

මෙරටදී කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව දීම ලබන 23 වනදා සිට ජුලි 06 වනදා තෙක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

එමෙන්ම ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිළයට ගැනීම සඳහා ද අමෙරිකානු තානාපති කාර්යාලය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරිය කියාසිටියේ.

ඇය මේ බව සඳහන් කලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ කල ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි.